ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 213ක් පිටුපසින් ශ්‍රී ලංකා පළමු ඉනිම නවතී – සොනාල්ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිම සියල්ලන් දැවී ලකුණු 290 කට සීමා වුණා.

ඒ, ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 503ට පිළිතුරු වශයෙන්.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 213ක් පිටුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සොනාල් දිනුෂ ශතකයක් රැස්කල අතර, ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවීයන විට රැස්කරගෙන සිටි ;ලකුණු සංඛ්‍යාව 103ක්.

ඊට අමතරව පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 80ක් එක් කළා.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ මානව් සුතාර් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය අදයි.

මේ අතර ශ්‍රී ලංකාවට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට ඉන්දීය නායකයා ආරාධනා කර තිබෙනවා.