ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති නවදිල්ලියේදී හමු වෙයි

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඔහුගේ ඉන්දීය සංචාරය අත‍රතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමඟ හමුව ඊයේ (19) නවදිල්ලියේදී පැවැත්වුණා.

ඉන්දියාව සහ චීනය අතර සබඳතා ඵලදායි කිරීමේ අරමුණෙන් දෙරට අතර කාලාන්තරයක් අතර පවතින දේශසීමා නිවැරදිම නිර්ණය කර ගැනීම අවශ්‍යතාවය පිළිබද මෙම සාකච්චාවේදී තීරණය වී තිබෙනවා.

එම දේශසීමා නිර්ණය කර ගැනීමට රටවල් දෙකම නියෝජනය වන පරිදි විශේෂඥ කණ්ඩායමක් පත් කිරීමට ඔවුන් එකඟ වූ බවයි පැවසෙන්නේ.

එමෙන්ම රටවල් දෙක අතර වෙළද සබඳතා නැවත ශක්තිමත් කිරීම වෙනුවෙන් ද දෙපාර්ශවයේම එකඟතාවය හිමි ව ඇති බවට වාර්තා වනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙපාර්ශවය අතර සෘජු ගුවන් ගමන් හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමට තීරණ වූ බවයි.

මෑත කාලීනව වර්ධනයක් දක්නට ලැබූ මෙම ඉන්දු – චීන සබඳතා අඛන්ඩව පවත්වා ගැනීම සඳහා දෙරටේම අවධානය හිමිව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අගෝස්තු මස අගදී ෂැංහයි සහයෝගිතා සංවිධානය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36