ඉන්දියාවේ පවතින එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඇතැම් ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළෙඳඅමාත්ය වසන්ත සමරසිංහ පවසනවා.
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අද (23) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙම තත්ත්වය මත වෙනත් විකල්ප වෙළෙඳපොළ සොයා බැලීමටත්, උත්සව සමය තුළ මෙරටට අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමටත් ආනයනකරුවන් එකඟතාව පළ කළ බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
මේ අතර වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොමැති බවත්, ප්‍රමිතීන්ට අනුකූලව තොග නිදහස් කර ගැනීමේ දී මතුව ඇති ගැටලුවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවා.
වියළි මිරිස් වැනි භාණ්ඩවල සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් වෙළෙඳුන් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව මැදිහත්වීමට රජයට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර වෙළඳපොළේ දේශීය අල සහ ලූනු අවසන් වී ඇති බවත්, ඉදිරියේ දී එල්නිනෝ තත්ත්වය තවදුරටත් බලපෑමක් එල්ල නොවුනහොත් ආනයනක අල සහ ලූනුවල මිල පහත යාමක් සිදුවිය හැකි බවට ආනයනකරුවන් පැවසූ බවත් වෙළඳ අමාත්‍යවරයා පවසා සිටියා.










