ඉදිරි මාස 06 ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගැන අගමැතිගෙන් හෙලිදරව්වක්

ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හා රටේ සංචිත ඉහළ නැංවීම මෙම වසරේ ණය ගෙවීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවයි. අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බව ද එහිදී පෙන්වාදී තිබෙනවා.

පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවත්, ජපානය සමඟ බිඳ වැටී ඇති සබඳතා යථා තත්ත්වයට පත් කරන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවද අද පැවති සාකච්ඡාවේදී සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය මා’ධ්‍ය ඒකකය සඳහන් කළේ.

හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර ආයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙනු ලබන බවයි එහිදී ප්‍රකාශවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?