ඉතිහාස ගත වූ ඉන්ධන මිල සංශෝධනය

ඩීසල් මිලට වඩා පෙට්‍රල් මිල අඩුවීමක් සිදුව ඇත්තේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නම් පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයම මිල අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය යුතු බවයි.

රජය විසින් පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන පෙට්‍රල් මිල පහත දැමීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 40.00කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30.00කින් මිලපහත දැමීමටයි කටයුතු කළේ.

ඒ අනුව මේ වනවිට වෙළඳපොලේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 410ක් ලෙසත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 510ක් ලෙසත් පවතිනවා.

කෙසේ වෙතත් ඩීසල් මිලේ සංශෝධනයක් එදින සිදුනොවූ අතර වෙළඳපොලේ ඩීසල් මිල පවතින්නේ, සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 510කට සහ සුදු ඩීසල් ලීටරයක් රුපියල් 430ක මුදලකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11