ඉතිහාස ගත දහස් වැනි තරගය පැරදුණු ටියුනීසියාව පාපන්දු ලෝක කුසලානයෙන් එළියට

ජපානය හමුවේ ලැබූ අති දැවැන්ත පරාජයත් සමඟ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට ටියුනීසියාවට අද (21) සිදු වුණා.

ටියුනීසියාව පරදා ජපාන කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ගෝල හතරට බිංදුවක් ලෙසයි.

මෙම තරගය වසර 96ක පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පැවති දහස්වන තරගය ලෙසටයි වාර්තා අතරට එක් වුණේ.

ජපාන කණ්ඩායම ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 18 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ජපාන කණ්ඩායමට හැකියාව ලැබීම ද විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමඟ ‘F’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන දෙවන ස්ථානයට පැමිණීමට ද ජපාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර FIFA පාපන්දු ලෝක කුසලානයේ අද පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට ප්‍රබල ජර්මන් කණ්ඩායමට හැකියාව ලැබුණා.

‘E’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගට ජර්මනිය ජයගත්තේ අයිවරි කෝස්ට් කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙස පාරාජය කරමින්.

ඒ, අනුව ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ මූලික වටයේ තරග දෙකම ජයගෙන ‘E’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26