Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස අරුණි රණජාරා පත්කර යැවීමේ සූදානමක්

ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස අරුණි රණජාරා පත්කර යවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

අරුණි රණජාරා මහත්මිය මේ වනවිට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කටයුතු කරනවා.

ඒ, අනුව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරට කාන්තාවක් පත්කරන පළමු අවස්ථාව මෙය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.