AFC Banner
AFC Banner
Empty Ad

ආර්ජන්ටිනාවේ ප්‍රබල භූකම්පනයක්

දකුණු ආර්ජන්ටිනාවේ රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාව එරට වේලාවෙන් අද (17) අලුයම සිදුව ඇති බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව කිලෝමීටර් 171ක් ගැඹුරින් භූමිකම්පාව සිදුවී ඇති අතර, ආර්ජන්ටිනාවේ නියුක්වෙන් පළාත මෙම භූකම්පනයේ කේන්ද්‍රස්ථානය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වී නැහැ.

මෙම භූමිකම්පාවේ බලපෑම අසල්වැසි චිලී රාජ්‍යට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?