ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණා.

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඊයේ දිනය පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් සමන්විත වුණා.

අනතුරුව පැවති විචිත්‍රවත් නර්ථනාංග නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අවුරුදු කුමරා, කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් සිදු කරනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ ජනාධිපතිවරයා මෙහිදී සුහද කතා බහකද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?