ආයුර්වේද ඔසු වගා කිරීමේ සහ ආයුර්වේද ඔසු එකතු එකතු කිරීමේ ජාතික වැඩසටහනක්

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කරන ශාකමය ඖෂධ නිෂ්පාදන ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් ආයුර්වේද ඔසු වගා කිරීමේ සහ ආයුර්වේද ඔසු එකතු එකතු කිරීමේ ජාතික වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අධීක්ෂණයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව, අයුර්වේද සංස්ථාව ඒකාබද්ධව ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ජාතික වැඩසටහන ඉදිරියේ දී සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා, අදහස් ලබාගැනීම ‌වෙනුවෙන් විශේෂ විද්වත් කථිකාවතක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන්, පළාත් ආයුර්වේද ‌කොමසාරිස්වරුන්, දේශීය සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන්, ආයුර්වේද වෛද්‍යවරුන්, ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා මෙරට ඔසු උයන් ජාලය ශක්තිමත් කරමින් දේශීයව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, දේශීයව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය 100 කට අධික ප්‍රමාණයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරනු ලබන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මෙහිදී පැවසුවා.

මේ සදහා වාර්ෂිකව විශාල මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වැය කිරීමට සිදුව ඇති බව ද මෙහිදී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග අතුරින් විශාල ප්‍රමාණයක් මෙරට වගා කළ හැකි ඖෂධ වර්ගවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔසු උයන් කේන්ද්‍රීයව දේශීය ඖෂධ මෙරට නිෂ්පාදනය කරමින් මෙරට අවශ්‍යතාවය සපුරාලමින් අතිරිත්ත දේශීය ඖෂධීය අමුද්‍රව්‍ය විදේශ රටවලට අපනයනය කර විදේශ විනියම උපයා ගැනීමට හැකියාව ලැබෙන බවත්, දේශීය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීම තුළින් මෙරට ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමත් මෙම ජාතික ඔසු වගා ව්‍යාපෘතියේ සහ ඔසු එකතු කිරීමේ ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම ඔසු වගා ව්‍යාපෘතිය රජයේ ඔසු උයන්වල ක්‍රියාත්මක කිරීමේ දී ලෙස කම්කරු හිඟය, ජල සම්පත් කළමණාකාරණය, අස්වනු ප්‍රවාහනයේ දී පවතින ගැටළු, අස්වනු කළමණාකරණය සදහා නිසි ක්‍රමවේද සැකසීම, ඔසු උයන් කළමණාකරණය සදහා ප්‍රමාණවත් කෘෂිකාර්මික උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්බදවා ගැනීම, වන අලි සහ වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳව,යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියාව, කෘෂි උපකරණ ලබා ගැනීම යන කරුණු ඇතුළු තවත් බොහෝ කරුණු පිළිබදව මෙම විද්වත් කථිකාවතේ දී දීර්ඝව සාකච්ඡා කරන ලද අතර ජනතාව මෙම ඔසු වගා ව්‍යාපෘතිය සදහා ජනතාව දායක කර ගැනීම පිළිබදවත් මෙහි දී දීර්ඝව සාකච්ඡා වුණා.

වර්තමානය වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ගිරාඳුරුකොට්ටේ,පල්ලෙකැලේ, හල්දුම්මුල්ල, පින්නදූව, පටිටිපොල, කන්නෙලිය, නාවින්න පර්යේෂණ ඔසු උයන් 07ක් ඇති අතර, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යටතේ ක්‍රියාත්මක ඔසු උයන් 04 ක් ද වනවා.

එමෙන්ම නිකවැරටිය, මැදවච්චිය, දංගොල්ල, අඹන්පොල එම ඔසු උයන් පවතිනවා.

ආයුර්වේදයේ භාවිත වන ඖෂධ වර්ග වැඩි ගණනකම මූලාශ්‍රය වන්නේ ශාකමය කොටස් බවත්, ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක පංචාංගය එනම් මුල්,කොළ,පොතු,මල්,ඵල ඇසුරින් ඖෂධ නිපදවනු ලබන බවත්, ඔසු පැන්, යුෂ, තෛල, බෙහෙත්-ගුලි, කල්ක, ආසව, කෂාය, අරිෂ්ඨ ආදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ මාධ්‍යයන් භාවිතා වන බවත්, ශාක ඖෂධවලට අමතරව මී පැණි, සත්ව මූලාශ්‍ර වලින් නිපදවෙන ඖෂධ ද භාවිත කෙරෙන බව මෙහි දී අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12