ආයතන වැසී යාමේ අවධානමක්

සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවයි.

එමගින් පනස්දහසකට අධික පිරිසකගේ රැකියා අහිමිවන බවයි ඔවුන් පවසන්නේ.

නිදහස් වෙ​​ළෙඳ ගිවිසුම යටතේ ෂැම්පු, ෂවර් ජෙල් හා ක්‍රීම් වර්ග වැනි රුපලාවන්‍ය නිෂ්පාදන කිසිදු රේගු බද්දකට යටත් නොවී මෙරටට ගෙන එන බව කී එම සංගමයේ සභාපති සේනක සමරසිංහ, රේගු නොවන බදු හෙවත් සෙස් බදු ඉවත් කළහොත් එහි සම්පූර්ණ වාසිය හිමිකරගන්නේ මෙරට දැනට පවත්වාගෙන යන බහුජාතික සමාගම් සහ විදේශීය රටවල සිටින නිෂ්පාදකයන් විසින් බවද පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?