ආපදා සහන කාර්යක්ෂමව ජනතාවට ගෙන යාමට නව ඩිජිටල් පද්ධතියක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙත කඩිනම් සහන සේවා පූර්ණ විනිවිදභාවයකින් යුතුව ලබා දීම සහතික කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් විශේෂ තොග පාලන පද්ධතියක් (Inventory Control System) ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම පද්ධතියේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC), ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ සයන්ටර් ටෙක්නොලොජීස් (Scienter technologies) පුද්ගලික සමාගම යන ආයතනවල නිලධාරීන් ඊට සහභාගී වුණා.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම මත, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) වෙත හඳුන්වා දී ඇති මෙම නව මෘදුකාංග පද්ධතිය මගින් ආපදා සහන බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම රජයේ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා.

විදේශ රාජ්‍ය, ජාත්‍යන්තර ආයතන, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සියලුම ද්‍රව්‍යමය ආධාර, රැස් කිරීමේ සිට අවසන් ප්‍රතිලාභියා වෙත බෙදා හැරීම දක්වා නිවැරදිව වාර්තා කිරීම සහ කළමනාකරණය කිරීමේ හැකියාව මෙම පද්ධතිය සතු බවයි වාර්තා වන්නේ.

මෙම පරිගණක පද්ධතිය මගින් විදෙස් රටවලින් ලැබෙන මූල්‍ය නොවන විදේශ ආධාර සම්පූර්ණයෙන් පරිගණකගත කෙරෙන අතර එම භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය, ගුවන් හෝ නැව් මගින් භාණ්ඩ ලැබීමේ සිට ආධාර අවශ්‍ය වන අවසාන පාරිභෝගිකයා දක්වාම පද්ධතිය මගින් අධීක්ෂණය කිරීම සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

නව ක්‍රියාවලියට අනුව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට අයත් ඔරුගොඩවත්ත ප්‍රධාන ගබඩාවේ ආධාර තොග ගබඩා කරනු ලබන අතර, ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් පවතින අවශ්‍යතා හඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මෙම පද්ධතිය ඔස්සේ ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබනවා.

එම ඉල්ලීම් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් සෘජුවම ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන අතර, අනතුරුව, අදාළ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් අදාළ ග්‍රාම නිලධාරී වසමේ විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සිදු කෙරෙනවා.

මෙම සියලු පියවර පිළිබඳ තොරතුරු පද්ධතිය තුළ සටහන් වන බැවින්, අතරමැදි ප්‍රමාදයන් මඟහරවා, සැබෑ ලෙසම ආපදාවට පත් වූ පුද්ගලයින් වෙතම සහන ළඟා වන බව තහවුරු කිරීමටත්, ලැබෙන ආධාර සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගැනීමටත් හැකියාව පවතිනවා.

මෙම මෘදුකාංග පද්ධතිය සයින්ටර් ටෙක්නොලොජීස් (Scienter Technologies) පුද්ගලික සමාගම විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇති අතර ඊට අදාළ තාක්ෂණික සහාය ඔරෙල් ක්ලවුඩ් (Orel Cloud) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) යන ආයතන විසින් නොමිලේ ලබාදීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම එළඹෙන සතියේ දී සිදු කිරීමට මෙම රැස්වීමේදී සියලුම පාර්ශ්ව එකඟතාව පළ කළ අතර, පද්ධතියේ ඉදිරි සංවර්ධන පියවරක් ලෙස, ග්‍රාම නිලධාරීන්ට ආපදා තත්ත්ව ක්ෂණිකව වාර්තා කළ හැකි ජංගම දුරකථන යෙදුමක් (Mobile App) නොමිලේම නිර්මාණය කර දීමටද සයන්ටර් ටෙක්නොලොජීස් සමාගම එකඟ වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16