Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා රුපියල් ලක්ෂ 31ක මුදලක් වංචා කිරීමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.