ආනන්දසංගරීගේ පුත්‍රයාට කැනඩාවේ කැබිනට් ඇමති ධූරයක්

ශ්‍රී ලංකාවේ උපත ලබා මේවන විට කැනඩාවේ වෙසෙන එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට (gary anandasangaree) එරට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් සිදුකළ කැබිනට් සංශෝධනයේදී ගැරී ආනන්දසංගරීට මෙලෙස අමාත්‍ය ධූරයක් හිමිව ඇති බවයි.

කැනඩාවේ කිරීටය හා ආදිවාසී සබඳතා අමාත්‍ය ධූරය යි ගැරී ආනන්දසංගරීට හිමිව ඇත්තේ.

ඔහු මීට පෙර කැනඩාවේ කිරීටය සහ ස්වදේශික සබඳතා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත්, එරට උරුමයන් සහ බහු සංස්කෘතික අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත් කටයුතු කර තිබෙනවා.

ගැරී ආනන්ද සංගරී මහතා, කැනඩාවේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

ගැරී ආනන්දසංගරී යනු ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පූත්‍රයායි.

කැනඩාවේ පදිංචි බහුතරයක් වන දෙමළ ජනතාවගේ ගැටලු එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ගැරී ආනන්දසංගරී මහතා හරහායි.

ගැරී ආනන්ද සංගරී මහතාගේ පියා වන ආනන්දසංගරී මහතාද මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු වර්තමානයේ කිලිනොච්චියේ පදිංචිව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?