ආණ්ඩුව පැසිස්ට්වාදී පාලනයක් ඇතිකරන්නට උත්සාහ කරනබවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත චෝදනා කරනවා.
ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් සහභාගිවු විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද සවස්වරුවේ හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්ගේ නිවෙසේදී පැවැත්වුණා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ප්‍රේම්නාත් දොලවත්ත, මේ ආණ්ඩුව ත්රස්තවිරෝධි පනත වෙනුවට ගේන්න හදන පනත ඊට වඩා මර්ධනකාරී බවත්, එයින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බවටත් චෝදනා කරනවා.
ඒ වගේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත් වැනි මර්ධනකාරී පනත්වලින් හා ප්රජාතන්ත්ර විරෝධි ව්‍යුහවලින් මේ ආණ්ඩුව පැසිස්ට් වාදී පාලනයක් ඇතිකරන්නට උත්සාහ කරන බවටත් ඔහු පෙන්වා දෙනවා.
ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අඛණ්ඩවම ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවටත් ඔහු අවධාරණය කරනවා.
