අවුරුදු 13ක දැරියක් අපයෝජනයට තරුණයා පොලිස් දැලේ

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් කලක සිට අපයෝජනයට ලක් කළ බව කියන 20 හැවිරිදි තරුණයෙක් මාදම්පේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අතවරයට පත්ව ඇති දැරියාගේ පියා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, අයගේ මව රැකියාවක් සදහා විදේශ ගතව සිට පසුගිය මස 01 වනදා මෙරටට පැමිණ තිබෙනවා.

දැරිය පසුගිය කාලයේ තම ආච්චි සහ පුංචි අම්මා සමඟ වාසය කර ඇති අතර, සැකකාර තරුණයා ද එම නිවසේ ඔවුන් සමග එකට වාසය කර ඇති බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ දී සැකකාර තරුණයා තමන්ට නිරත ලිංගික අතවර සිදුකළ බවද ඇය, විදේශ තව සිට පැමිණි තම මවට ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර, සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27