වයස අවුරුදු 04 දැරියකට අමානුෂිකව පහර දී ඇයව අතරමංකර දමා ගොස් සිටිය දී ඊයේ (13) වත්තේගම – යටිරාවණ ප්‍රදේශයේ දී වත්තේගම පොලිසිය විසින් සොයා ගැනුණා.
මෙලෙස දැරියට පහර දී ඇයව මහ මඟ දමා ගිය දැරියගේ මව සහ මවගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
හාලිඇල පොලිසිය මඟින් සැකකාර මව සහ අනියම් පුරුෂයා ත්‍රිරෝද රථයකින් හාලිඇල – කැටවල මාර්ගයේ ගමන් කරමින් සිටිය දී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
සැකකාර මවගෙන් සහ අනියම් පුරුෂයාගෙන හාලිඇල පොලිසිය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.













