තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 325ක් රැස්කර ගැනීමට හැකිවුණා.
ශ්රී ලංකා ඉනිමේදී ආරම්භක පිතිකරු කමින්දු මෙන්ඩිස් ජාත්යන්තර එක්දින පිටියේ, සිය මංගල ශතකය වාර්තා කර ගැනීමට ශ්රී ලංකා ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වුණා.
කමිඳු සිය ඉනිම නිමාකළේ පන්දු 128කින් ලකුණු 132ක් රැස්කර ගනිමින්.
එමෙන්ම පෙර තරගයේ ශතකලාබී පවන් රත්නායක ද ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් ලකුණු 77ක් රැස්කර ගැනීමට සමත් වුණේ පන්දු 65කට මුහුණදෙමින්.
ඒ අනුව පාකිස්ථානයට තරගය කයගැනීම සංධ හිමිවූ ඉලක්කය ලකුණු 326ක්.
ඒ, තුන්කොන් තරගාවලියේ පාකිස්ථානය සමඟ පැවැත්වෙන අවසන් මහා තරගයේදී පන්දු 107කින් සිය ශතකය වාර්තා කර ගනිමින්.
කමිඳු මෙන්ඩිස්ගේ මංගල ශතකයට හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ පකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයින්, පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 02කට ලකුණු 185ක් රැස්කර ගෙන සිටියා.
පිතිකරු කමිඳු මෙන්ඩිස්
කාසියේ වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.
ඒ අනුව, පළමුවෙන් පන්දු යැවීමට පාකිස්ථාන නායක ෂහීන් ෂා අෆ්රිඩි තීරණය කළා.
ලාහෝර් හිදී පැවැත්වෙන මෙම තරගය අද (31) මෙරටට වෙලාවේ පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
අවසන් මහා තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමෙන් වේග පන්දුයවන ක්රීඩක එෂාන් මාලිංග ඉවත්කොට, දඟ පන්දුව් යවන ක්රීඩක මහීශ් තීක්ෂණ එක්කොට තිබෙනවා.
