තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.
ඒ අනුව, පළමුවෙන් පන්දු යැවීමට පාකිස්ථාන නායක ෂහීන් ෂා අෆ්රිඩි තීරණය කළා.
ලාහෝර් හිදී පැවැත්වෙන මෙම තරගය අද (31) මෙරටට වෙලාවේ පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
අවසන් මහා තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමෙන් වේග පන්දුයවන ක්රීඩක එෂාන් මාලිංග ඉවත්කොට, දඟ පන්දුව් යවන ක්රීඩක මහීශ් තීක්ෂණ එක්කොට තිබෙනවා.










