Empty Ad
AFC Banner
Empty Ad

අලුත් අවුරුද්දේ එළවළුත් කන්න බැරිවෙන ලකුණු (වීඩියෝ)

මේ දිනවල එළවළු මිල අහස උසට ගොස් ඇති පසුබිමක ඇතැම් ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1800ක් දක්වා වැඩි වී තිබෙනවා.

තොග වෙළඳුන් පෙන්වා දෙන්නේ බොහෝ එළවලු ග්‍රෑම් 250ක මිල රුපියල් තුන්සීයේ සීමාවට ළඟා වී ඇති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුගිය කාලසීමාව පුරා නොකඩවා ඇඳ හැළුනු වර්ෂාවත් සමග ඇති වු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවලු වගාවන්ට දැඩි හානි සිදුව තිබුනා.

මේ හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවලට සැලකිය යුතු තරම් එළවලු තොග නොලැබීම හේතුවෙන් මෙලෙස එළවලු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි තොග වෙළඳුන් පෙන්වා දෙන්නේ.

වෙළඳුන් පවසන්නේ වර්තමානයේ පවතින එළවලු හිඟය ලබන වසරේ අප්‍රේල් උත්සව සමය දක්වාම පැවතිය හැකි බවයි.

වෙනත් දිනවලට සාපේක්ෂව මේ දිනවල පෑලියගොඩ මැණිං වෙළඳපලට හා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව ලැබිය යුතු එළවළු තොගවලින් 25% ක ප්‍රමාණයක්වත් නොලැබෙන බව තොග වෙළදුන් පවසනවා.

මේ අතර, අධික ලෙස අමු මිරිස් මිල ඉහළ ගොස් ඇති අතර බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1200ක පමණ මට්ටමකට ඉහළ ගොස් තිබුනා.

වෙළඳුන් පෙන්වා දෙන්නේ වටිනා බඩු භාණ්ඩ රැකගන්නා ආකාරයෙන් වෙළඳපළ වෙත ගෙන එන අමු මිරිස් ගෝනි ආරක්ෂා කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර සිල්ලර වෙළඳුන් පැවසුවේ තමන්ට අමු මිරිස් කිලෝවක් අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 1800ක පමණ මිලකට බවයි.

ඒ් අනුව අමු මිරිස් කරලක මිල ආසන්න වශයෙන් රුපියල් 15ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?