අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කෝප්‍රල්වරයා, ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරුවන් දෙදෙනාව අධිරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.
ඊයේ (05) පෙරවරුවේ මෙම සැකකරුවන් දෙදෙනාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වන චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයේ සේවය කරන සුරාබදු කෝප්රල්වරයෙකු වන පොල්ගම්පලගේ සම්පත් රණසිංහ යන අයයි.
