Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැය ක්‍රියාත්මක නොකළහොත් ආණ්ඩුවටත් විපක්ෂටත් නඩු දාන බව ආශු මාරසිංහ කියයි

මෙවර අයවැය ක්‍රියාත්මක නොකළහොත් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද නඩු දමන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර සිංහ අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ආණ්ඩුව අයවැයෙන් වෙන් කරන මුදල් වියදම් කිරීමට සැලසුම් කළ යුතු බවත්, විපක්ෂය ඒ සඳහා පෙළඹිය විය යුතු බවත් ඔහු ප්‍රකාශ කරනවා.

අයවැය කාර්යාලයක් පිහිටවීමේ මූලික වගකීම ඇත්තේ විපක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සිටින කාරක සභාවට බව පෙන්වා දෙන ආශු මාරසිංහ, ඔහු මෙය ක්‍රියාත්මක කරලා ද නැද්ද කියන එක තමන් නොදන්නා බවත් කියයි

අවුරුදු දෙකක් ගිහිල්ලත් මෙය ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා කරන ඔහු, හර්ෂණ රාජ කරුණා අතේ වැඩේ තියනවද කියලා නොදන්නා බවටත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පඩි වැඩිවීම් ඉල්ලලා කොයි කාලෙත් උද්ඝෝෂණ කරන බවත්, උද්ධමනය එන්න එන්න වැඩිවෙන අතර, මේකට මුහුණ දෙන්න නම් ගමට මුදල් යා යුතු බවත් ආශු මාරසිංහ තවදුරටත් අවධාරණය කරනවා.