spot_imgspot_img
spot_img

අඹුසැමි යුවළක් පාපුවරුවෙන් වැටී බිරිඳ ජීවිතක්ෂයට

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කොළඹට සිට හලාවත දෙසට ධාවනය වූ බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් ඉන් වැටී අනතුරට ලක්ව තිබෙනවා.

එම මාර්ගයේ සීදූව – දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසළ දී ඊයේ (20) මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව සීදූව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් තුවාල ලැබූ ස්වාමීපුරුෂයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ කාන්තාව 56 හැවිරිදි සීදූව – අම්බලන්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?