අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ ඊයේ (10) වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අදාළ යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගත් බවයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් ඉලක්ක කරගෙන ඊයේ දහවල් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.
වෙඩි ප්‍රහාරයට ලක් වූ අදාළ අඹුසැමි යුවළ එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස මියගොස් තිබුණේ අවුරුදු 50 සහ 46 හැවිරිදි වියේ පසු වූ දෙදෙනෙක්.
ඝාතනයට ලක් වූ දෙදෙනා පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂණ බන්ධනාගරගතව ඇප මත නිදහස්ව පැමිණි අය බව පොලිසිය සඳහන් කළේ.