‘අබා’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවයි – පියවර නොගතහොත් කෙලින්ම නඩු මඟට

70, 80 සහ 90 දශකය තුළ ශ්‍රී ලංකාව ද ඇතුළුව සමස්ත ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ස්වීඩන් ජාතික සංගීත කණ්ඩායමක් වන “අබා” සංගීත කණ්ඩායම එළඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනපතිවරණ සටනට රිපබ්ලිකන් පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ, එම කණ්ඩායම සතු ලොවපුරා අතිශයින් ජනප්‍රිය වූ ගීත කිහිපයක්ම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැළි කිහිපයක් සඳහා අවස්ථා කිහිපයකදීම “අබා” කණ්ඩායමේ හෝ ඔවුන්ගේ ගී තැටි නිෂ්පාදන සමාගමේ කිසිඳු අනුමැතියකින් හෝ අවසරයකින් තොරව භාවිත කිරීමට එරෙහිවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ “අබා” සංගීත ශිල්පීන් අනවසරයෙන් තමන්ගේ ගීත මෙසේ භාවිත කිරීම වහා අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළි සංවිධායකයින් ක්ෂණික පියවර නොගතහොත් තමන් සාක්ෂිත් සහිතව නඩු මඟට බසින බව අවධාරණය කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ ප්‍රාන්ත රැළි කිහිපයකදීම “අබා” සතු ගීත ප්‍රචාරය කර තිබෙන බව ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැළි සංවිධයකයින් ද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද සෙලීන් ඩියෝන් ඇතුළු තවත් ජනප්‍රිය සංගීත ශිල්පීන් රැසකගේ ජනප්‍රිය ගීත කිසිදු අවසරයකින් තොරව ට්‍රම්ප්ගේ රැළිවල දී භාවිත කර ඇති බව සඳහන්.

ඔවුන් ද ඒ සඳහා තහනම් නියෝග ට්‍රම්ප්ට එරෙහිව නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50