අපොස උසස් පෙළ විභාගය හෙට – විභාගයට සියල්ල සූදානම් (වීඩියෝ)

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (10) ආරම්හ වනවා.

විභාගය වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු සූදානම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට භාර දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
දිවයින පුරා ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන 2362 කදී මෙවර විභාගය පැවැත් වෙනවා.

එමෙන්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන 32ක් ද ක්‍රියාත්මකයි.

විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි විභාග දෙපාර්තෙමන්තුව පැවසුවේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 340,525 දෙනෙකු සුදුකම් ලබා සිටිනවා.

මේ අතර මෙවරත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් විභාගය සඳහා විශේෂ පහසුකම් සලසාදීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

එමෙන්ම යම් ආපදා තත්ත්වයක් ඇති වූවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එවැනි තොරතුරු 117 අංකයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දිය හැකි අතර, 1911 අංකයෙන් ද, විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයට ද, 0113 668026 සහ 0113 668032 යන දුරකථන අංක අමතා දැනුම් දිය හැකියි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් (10) ආරම්භ වන අතර, විභාගය දෙසැම්බර් 05 වනදා අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?