Fly high Get bonus Aviator Phone

අපරාධයකට යොදාගත් බවට සැක යතුරුපැදියක් ඉත්තෑපානේ කැලෑවක

ඉත්තෑපාන පොලිස් බලප්‍රදේශයේ හොරවල, මීගම පාලම අසළ කැලෑවක තිබී අංක තහඩු නොමැති යතුරුපැදියක් අද (12) දහවල් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඉත්තෑපාන පොලිසිය විසින් සොයාගෙන ඇති මෙම යතුරුපැදියේ චැසි අංකය ද මකාදමා ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කිසියම් අපරාධයක් සිදුකිරීමෙන් පසු මෙම යතුරුපැදිය මෙහි දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරනවා.

මෙලෙස සොයාගත් යතුරුපැදිය පසුගිය දින කිහිපය තුළ අහුංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම්වලට යොදාගත් එකක් දැයි යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ අහුංගල්ල ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුකළ වෙඩිතැබීම වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?