අනුරාධපුර ශුද්ධ නගරයේ කැණීම් සඳහා යුනෙස්කෝ සහාය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය අඛණ්ඩ ව ම ලැබෙන බවත් අනුරාධපුර ශුද්ධ නගරයෙහි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහායන් ද යුනෙස්කෝ සංවිධානය මගින් ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුනෙස්කේ අධ්‍යක්ෂවරිය අතර පැවති හමුවට එක්වෙමින්.

මෙම වැඩසටහන නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඌද්‍රෙ ඇසුලෙ (Audrey Azoulay) මහත්මියට ඇයගේ සහභාගීත්වය හා දක්වන සමීප සහයෝගීතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළා.

රටවල් 194ක් සාමාජිකත්වය දරන යුනෙස්කෝ ආයතනයත් සමග දිගුකාලීන ව පැවති හවුල්කාරීත්වය සහ සහයෝගීතාව මත අප රටට නොයෙක් අවස්ථාවල විවිධ ආධාර හා මාර්ගෝපදේශයන් ලැබුණු බව ද එහිදී සිහිපත් කෙරුණා.

එමෙන්ම යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවට තේරී පත් ව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට වර්තමානයේ හා මින් පෙර ද වශයෙන් අවස්ථා දෙකක දී ම තමන්ට හැකි වූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25