අනුන්ගේ WhatsApp ගිණුම්වලට රිංඟා ගිණුමේ හිමිකරුගේ යහළුවන් රවටා මුදල් ගරන කල්ලියක්

WhatsApp මෘදුකාංගය මඟින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර පරිශීලකයන්ගේ WhatsApp ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

මෙහිදී මෙම වංචාකරුවන් විසින් පරිශීලකයාගේ WhatsApp OTP අංකය රවටා ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශීලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයන් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙවැනි මුදල් වංචාවන් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍යව ඇත. එබැවින් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයක් වෙත තම අන්තර්ජාල ගිණුම් වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47