අනියම් සම්බන්ධය දෙදෙනාගේම ජීවිත නැතිකරමින් කෙළවර වෙයි

වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (30) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයෙන් පසුව ඝාතනය සිදුකළ බව කියන 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයා ද එම නිවසේම ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව අවුරුදු 49ක් වූ නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඝාතනය සිදුකළ පුද්ගලයා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන්, තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඝාතනය සිදුකිරීමෙන් පසු සියදිවි හානිකරගත් පුද්ගලයා අතර අනියම් සම්බන්ධයක් පැවති බවට තොරතුරු හෙළි වී ඇති බවයි වැල්ලව පොලිසිය සඳහන් කළේ.

වැල්ලව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58