අධිවේගී මාර්ගයේ මෝටර් රථ අනතුරකින් රියදුරු මරුට – රුසියානු කතකටත් තුවාල

රුසියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන යමින් තිබු මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ දී නවතා තිබුණු ලොරියක ගැටීමෙන් මෝටර් රථ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී සිදුවූ අනතුරින් මියගොස් තිබෙන්නේ ගාල්ල අක්මීමන පදිංචිව සිටි මධුෂාන් ද සිල්වා නමැති විසි තුන් හැවිරිදි තරුණයෙක්.

හොරණ පුද්ගලික ආයතනයක සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට යමින් තිබූ ලොරියක් කාර්මික දෝෂයක් හේතුවෙන් කහතුඩුව කොට්ටාව අතර ප්‍රදේශයේ නවතා තිබියදී පිටුපසින් පැමිණි මෝටර් රථය එහි ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරෙන් රුසියානු ජාතික කාන්තාව ද තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මෝටර් රථයටද
දැඩි හානි සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?