අධිවේගයේ බස්වල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය හෙට

අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය හෙට (30) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා පාසල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස් රථ , විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස තුනක පමණ කාලයක් ලබාදෙන බවයි ප්‍රවාහන,මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථවේදීයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ රුපියල් 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල මේ වනවිට රුපියල් 5000ත් 7000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂාකර බැලිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා සිය කැමැත්ත පළ කළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට සැලසුම්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?