අධිවේගයේ බස්වල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය හෙට

අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය හෙට (30) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා පාසල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස් රථ , විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස තුනක පමණ කාලයක් ලබාදෙන බවයි ප්‍රවාහන,මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථවේදීයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ රුපියල් 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල මේ වනවිට රුපියල් 5000ත් 7000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂාකර බැලිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා සිය කැමැත්ත පළ කළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට සැලසුම්කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37