spot_imgspot_img
spot_img

අධික ලෙස බිමත්ව සිටි එක් දරු පියා දික්ඔය ඇළට වැටී අතුරුදන්

හැටන් සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටී අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ දික්ඔය ඔස්බොන් වත්ත ඉහළ කොටසේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු ඊයේ (11) පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බීමත්ව බස් රථයකින් ගමන් කරමින් සිටියදී අතරමගදී ඉන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග තිබෙනවා.

එහිදී ටැංකිය අසල පිහිටි දික්ඔය ඇළට ඇද වැටීටි ඔහු අතුරුදන්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින අතර අදට යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන් ඔහු ඊයේ දින සිටම අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි බවයි එම වතුයායේ කම්කරුවන් කියා සිටියේ.

අතුරුදහන් වී ඇති පුද්ගලයාගේ සිරුර සොයා හැටන් පොලිසිය සහ ප්‍රදේශවාසින් දික්ඔය ඇළෙහි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?