අදානි සමාගමේ ගිවිසුම ගැන රජයේ ස්ථාවරය දැනුම් දෙයි

අදානි සමාගම විසින් මන්නාරමේ සහ පුනරීන් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ගිවිසුම වත්මන් රජය විසින් නවතා දැමීමක් සිදුකර නොමැති බව රජය පවසනවා.

අද (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය මඟින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් ව්‍යාපෘති අවලංගුවීමක් සිදු නොවන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

“රටේ ජනතාවට අපි පවසන්න ඕනේ ගිවිසුම් අහෝසි කරන්න තීරණයක් නැහැ. සමාලෝචනය කරන්න විතරයි ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරලා තියෙන්නේ. කොහෙම වුණත් නඩු කටයුතු කිහිපයක් තියෙන නිසා ඒ නඩු අවසානයේ දී තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17