පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ක සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (30) දින නියෝග කළාය.
පාර්ලිමේන්තුවේ සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවන දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිද්ධියකට ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනිණ
එම ලිංගික හිංසනයට පත් කිරීම වර්ෂ 2022 දි පමණ සිදුව ඇති බවත් ඊට අදාල පැමිණිල්ල ලිංගික හිංසනය සිදු වී වසරකට පමණ පසු පොලිසිය වෙත සිදු කර තිබීමත් යන කාරණා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.අදාල සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කර අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත නියෝග කරනු ලැබුවා

පලපුරුදුකාරයෝ ගැවසෙන තැනනේහ් 🤣🤣🤣