අඩු මිලට අරක්කු නිෂ්පාදනය රජයේ අරමුණයි – කර්මාන්ත අමාත්‍ය (වීඩියෝ)

අඩු මිලට රජයෙන් අරක්කු බෝතලයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෙවණගල ලංකා සීනි සමාගමේ සේවකයින් සහ උක් ගොවීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් මෙම උක් ගොවීන් සහ සේවකයින් සමග පැවති සාකච්ඡාව ආවරණය නොකරන ලෙසටයි කර්මාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

පසුගිය රාජ්‍ය පාලනයේ දී බාල වර්ගයේ බඩ ඉරිඟු ගෙන ප්‍රමිතියෙන් තොර අහිතකර අරක්කු නිෂ්පාදනය කර ඇති බවත් මේ හේතුවෙන් සීනි නිපදවීමේ දී ලැබෙන අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව ද කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

බාල වර්ගයේ බඩ ඉරිඟුවලින් එතනෝල් ලීටරයක් නිෂ්පාදනයට වැයවන්නේ රුපියල් 03ක වැනි වියදමක් බවත් අරක්කු බෝතලයක් ජනතාවට ලබාදෙන්නේ රුපියල් 3800ක මිලකට බවත් අමාත්‍යවරයා චෝදනා කරනවා.

මේවා පානය කරන පාරිභෝගිකයින් මෙය නොදන්නා බවත් බඩ ඉරිඟුවලින් එතනෝල් නිපදවීම දැඩි ගැටලුවක් බවත් හෙතෙම අවධාරණය කරනවා.

ඒ නිසා රජයක් ලෙස නිසි ප්‍රමිතියකින් යුතුව එතනෝල්වලින් අරක්කු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙම ක්‍රියාවලිය අරක්කු ප්‍රවර්ධනයකට උත්සහා ගැනීමක් නොවන අතර නීතිවිරෝධී මත්පැන් භාවිත කිරීමට යොමු වූ අය ඉන් මුදා ගැනීම මෙහි අරමුණ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
4
+1
25
+1
4
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31