අඛණ්ඩ සත්‍යග්‍රහය ගැන දැනුම්වත් කරන්න විමල්, මල්වතු මහා නාහිමි බැහැදකී

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනතුරු හෙට (12) දිනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මල්වතු මහා නාහිමි පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක පවසා සිටියා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානයේ නියෝජිත පිරිසක් අද (11) දිනයේ මල්වතු මහා විහාරයට පැමිණ රජය ගෙන ඒමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මෙරට අධ්‍යාපනයට මෙන්ම අනාගතය භාරගැනීමට සිටින දරුවන් හට සිදුවන විනාශය පිළිබඳව නාහිමියන් දැනුවත් කර සංදේශයක් භාරදීමට ද පියවර ගත්තා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ,

“වර්තමානයේ අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි හිතෙනවා නම් සැලසුම් සහගතව නියමිත කාල සීමාවක් තුළ ප්‍රථමයෙන් නියමු ව්‍යාපෘතියක් ඉදිරිපත් කොට පසුව එය පිළිගත හැකිනම් එය දිවයින පුරාව්‍යාප්ත කිරීමට කටයුතු කළ හැකියි. නමුත් මේ ඉදිරිපත් කොට තිබෙන ප්‍රතිසංස්කරණයේ සිංහල වගේම ඉංග්‍රීසි වැරදියි. මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය සදාචාරය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වලා නෑ. ඉතිහාසය වගේම බුද්ධාගම විෂයත් පහළට දාලා තියෙන්නේ. එහෙම කරපුවම මේ රටේ දරුවෝ නිකන්ම අනාගාමික වෙනවා. රට ආගම ජාතිය ගැන හැඟීමක් නැති ජාතියක් බිහිවෙනවා. ලිංගික අධ්‍යාපනයට අපි විරුද්ධ නෑ. මෙතන කෙරෙන්නේ ලිංගික අධ්‍යාපනයක් නෙවෙයි. සම ලිංගික කාර්යයන් සඳහා දරුවන් පුරුදු පුහුණු කරන එකයි. මේ මොඩියුල ක්‍රමය හරහා ගුරුවරුන් විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. මේ මගින් ඇතැම් දරුවන්ට අසාධාරණකම් වෙන්න පුළුවන්. මේක නැවැත්විය නැත්නම් මේ රටට මහා විනාශයක් වෙනවා. මේවා කුමන්ත්‍රණ. හරිනි අමරසූරිය අගමැති ධුරයේ හිටියාට අපිට කමක් නෑ. හැබැයි එයා අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත් වෙන්න ඕනේ. එයා ඉවත් වන තුරුම අපි මේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යාංශය අසල කරනවා. කවුරු මොනවා කීවත් කළත් අපි ඒක නවත්වන්නේ නෑ මේ රටේ දරුවන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. දරුවෝ අත්හදා බලන්නත් ඉඩ දෙන්නේ නෑ. අගමැතිනිය මේ වැරදි පිළිගන්නෙත් නෑ. වැරැද්දක් උනානම් වැරැද්ද කළ කෙනාව කවුද කියලා රටට හෙළිකරන්න ඕනේ.”

  1. ගැනිටයි මූටයි හොර පාස්පෝට් දෙකක් හදපූ එකා මාහාඅධිකරණයෙ අල්ලස් දූෂණ නඩූ තියෙන එකා ව්‍යාග්‍රයා පෙති බීපූ කොල්ලො ගෙට දාගත්තා එකා 8 පාස් මූ 8 පාස් බැසිල්ට ඕනෙ විදිහට අග්‍රවිනිශ්චයකාරතමීයව එලවපූ එකා ළමයින් ආදර්ශයක්.

  2. මු මේ රගන්නෙ තිය නඩු ටිකෙන් බෙරෙන්න පොටක් පදගන්න.මතකනෙ මෙයා එක්සත් ජතින්ගේ කර්‍ය්ලය අස්සෙ කරපු නාඩගම.ගොටාබයගෙ පවර් අරන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02