අක්‍රමිකතාවල නියැලීමට රාජ්‍ය නිලධාරීන් බිය විය යුතුයි – ජනපති මාතලේ දී කියයි

රාජ්‍ය නිලධාරීන් තුළ යම් බියක් සෑදීමේ උත්සාහයක් දරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද (12) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, එවැනි බියගැන්වීම්වලට කිසිඳු රාජ්‍ය නිලධාරියෙක් බිය නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් අක්‍රමිකතාවයේ යෙදීමට රාජ්‍ය නිලධාරීන් බිය විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ මිනිස් සහ ජීවිත හා දේපළ සඳහා වන්දි ගෙවීම, නිවාස හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර, මාතලේ නගර සංවර්ධන සැලැස්ම ඇතුළු 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම ද මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සිදු කෙරුණා.

එමෙන්ම රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි සැලැසුම් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරුණා.

“යම් බියක් හැදීම සඳහා යම් උත්සාහයක් දරමින් තිබෙනවා රාජ්‍ය නිලධාරීන් තුළ, මෙම ඒක දන්නවා. මං කියන්නේ කිසි කෙනෙක් ඒකට බයවෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ යෙදෙන්න බය වෙන්න. මොකද අපිට රටක් ඉදිරියට යන්න බැහැ එකක් අපි නීතියට යටත් වෙන්න ඕන. දෙක අපි නීතියට බය වෙන්න ඕන. නමුත් අපේ සමාජයේ සංස්කෘතියක් ගොඩ නැගෙමින් තිබුණා යම් දේශපාලන අධිකාරියක සහාය තිබෙනවා නම්, තමන්ට බලය ධනය තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුන ද, මොන කාලයක් විරාජමානව වැජඹුනාද, මොන හස්ථයන් තිබුන ද, ඒ කිසිවක් භාජනය කරන්නේ නෑ.ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම පරීක්ෂණයක දී යම් කෙනෙක්ගේ නමක් කියවුනොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම, මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් කොහොමද අපේ රටට අවශ්‍ය වෙන්නේ. එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩ නැගීමේ උත්සාහයකුත් තියෙනවා. අපිට යළි හැම කෙනාම නීතිය ඉරිදියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බියවෙන සමාජයක් අවශ්‍යයි. හැබැයි එකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ සීමාවන් ඇතුළේ වැඩ කිරීම සඳහා බාධාවක් හදන්නේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23