spot_imgspot_img

YouTube ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඉන්දියානුවෙකුට

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඉන්දියානුවෙකුට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, යූ ටියුබ් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුසෑන් විජෙස්කි එම ධූරයෙන් ඉවත් වන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ඒ අනුව යූ ටියුබ් නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන්දීය අමෙරිකානු සම්භවයක් ඇති නීල් මෝහන්වයි.

ඔහු 2015 වසරේ සිට යූ ටියුබ් නාලිකාව හා සම්බන්ධව කටයුතු කරන අයෙක්.

සුසෑන් විජෙස්කි යූ ටියුබ් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සමු දුන්නේ වසර 9ක කාලයක් එම තනතුර දැරීමෙන් පසුවයි.

ඇයගේ පාලන කාලය තුළ යූ ටියුබ් ලොව ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් බවට පත් වුණා.

ඉකුත් වසරේදී පමණක් යූ ටියුබ් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 29.2ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?