Update – තුර්කි භූ කම්පනයේ සුන්බුන් අතර සිරවී සිටින්නන් මුදාගැනීමේ මෙහෙයුම් වලට ශීත කාලගුණයෙන් දැඩි බලපෑම්

තුර්කිය සහ වයඹදිග සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 3,700 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නෙ අද උදෑසන වන විට සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන්ගේ කෑගැසීම් සහ දිවි ගලවා ගත් ඥාතීන් ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් හඬා වැටීමේ.සංවේදී සිදුවීම් දක්නට ලැබෙන බවයි.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව සඳුදා අලුයම රටවල් දෙකට බලපෑම් එල්ල කළා.

මහල් නිවාස කඩා වැටී, රෝහල් සුන්බුන් බවට පත්ව ඇති අතර තවත් දහස් ගණනක් තුවාල ලබා හෝ නිවාස අහිමි වීමෙන් පීඩාවට පත්ව සිටිනවා.

පවතින දැඩි ශීත කාලගුණය අද උදෑසන දක්වා මෙන්ම රාත්‍රිය පුරා දිවි ගලවා ගත් අය සෙවීමේ මෙහෙයුම්වලට බාධා එල්ල කර ඇතැයි සඳහන්.

හිම මිදෙන තත්ත්වයට උෂ්ණත්වය පහත බැස ඇති අතර එම හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අයගේ ජීවිත තවත් අවදානම් වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රබල භූ කම්පනය සහ අනතුරුව සිදු වූ පසු කම්පන මාලාව, 2021වසරේ අගෝස්තු මාසයේදී දකුණු අත්ලාන්තික් සාගරයේ හටගත් භූ කම්පනයෙන් පසු ලොව පුරා වාර්තා වූ විශාලතම භූමිකම්පාව බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

ඊයේ සිදු වූ භූ කම්පනයෙන් තුර්කියේ, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2,316 ක් බව ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) ප්‍රකාශ කර තිබෙනවා.

1999 දී 17,000 කට වැඩි පිරිසක් මිය ගිය භූමිකම්පාවෙන් පසු රටේ ඇති වූ දරුණුතම භූමිකම්පාව මෙය බවටයි සැලකෙන්නේ.

සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් 13,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

සිරියාවේ කැරලිකරුවන් විසින් පාලනය කරනු ලබන වයඹ දිග කලාපයේ රජයේ සහ ගලවා ගැනීමේ සේවකයින්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 1,444 ක් මිය ගොස් 3,500 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

දුර්වල අන්තර්ජාල සම්බන්ධතා සහ අනෙකුත් පහසුකම් අවම වීම හමුවේ තුර්කියේ දරුණුතම බලපෑමට ලක් වූ නගර, හානියට පත් මාර්ග, මිලියන සංඛ්‍යාත ජනයාගේ නිවාස හානිවල බලපෑම තක්සේරු කිරීමට මෙතෙක් හැකිවී නැහැ.

මැයි මාසයේ මැතිවරණයකට සූදානම් වෙමින් සිටින තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් භූමිකම්පාව ව්‍යසනයක් ලෙස හැඳින්වූ අතර බලධාරීන් ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව ප්‍රකාශ කළා.

වසර 11 කට වැඩි සිවිල් යුද්ධයක් හමුවේ විනාශ වී ඇති සිරියාව භූමිකම්පාවේ බලපෑමෙන් තවත් සංකීර්ණ වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ඉහළ මානුෂීය නිලධාරියෙකු පැවසුවේ ඉන්ධන හිඟය සහ දැඩි ශීත කාලගුණය සහන සේවාවලට බාධා ඇති කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04