ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මහේල ජයවර්ධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියාසිටියේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙවර තරගාවලියේදී උපදේශකවරයෙකු ලෙසට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනදා දිවයිනෙන් පිටත්ව යන අතර මහේල ජයවර්ධන 6 වනදා ඔස්ට්‍රේලියායෙව්දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවයි ඔහු කියාසිටියේ.
එතැන් සිට තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිනු ඇති.විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ඔක්තෝබර් මස 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.













