කඩවත ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් වැඩි මිලට අලෙවි කිරීම සදහා සගවාගෙන සිටි, කිලෝ ග‍්‍රෑම් 50 ක් බර සිමෙන්ති කොට්ට 69 ක්, විශේෂ කාර්ය සාධක බලකාය මැදිහත් වී අත් අඩංගුවට ගෙන ඇත.
කඩවත, ගෝනහේන, විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම දියත් කර තිබේ.
ව්‍යාපාරිකයා විසින් සිමෙන්ති අලෙවි කර තිබෙන්නේ රජය අනුමත කළ මිලට වඩා රුපියල් දෙසීයත් – පන්සීයත් අතර ප‍්‍රමාණයකින් වැඩි මිලකට බව පැවසේ.
සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ෂණ සදහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට භාර දී ඇති බව වාර්තා වේ.













