Mitsubishi වාහන හිමියන්ට දැනුම්දීමක්

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම ජපානයේ මිට්සුබිෂි මෝටර්ස් කෝපරේෂන් සමාගම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සේවා සැපයීමට කටයුතු කරන බවට සහතික වී තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී ප්‍රකාශ කළේ ජපානයේ Mitsubishi Motors Corporation සමඟ ඇති සබඳතාව ඉදිරියේදී බාධාවකින් තොරව පවතින බවයි.

ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන එකම බෙදාහරින්නා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම මෙම සහතිකය නිකුත් කළේ ජපාන සමූහ ව්‍යාපාරය වන Mitsubishi Corp 2023 මාර්තු 31 වන විට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට සූදානම් වන බවට වාර්තා වූ මාධ්‍ය වාර්තා අනුව යි.

වසර 60කට ආසන්න කාලයක් ද්විපාර්ශ්වික සබඳතා සහ රටේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක අත්‍යවශ්‍ය අංගයක් වූ ජපානයේ දැවැන්ත සමාගමක් වන Mitsubishi සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා පළවුණා.

mitsubishi2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?