LPL පළමු ජය ග්ලැඩියේටර්ස් සතු කර ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් පරාජයට පත් කලේ පසුගියවර එල්.පී.එල් ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.ඒ ලකුණු 54කින් ඔවුන් පරාජයට පත් කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කරමින්. තරඟ තහනමකට ලක්වීමෙන් අනතුරුව යළි තරඟ පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ දී ගාලු ඉනිම ආරම්භ කළා.

ඔවුන්ගේ ආරම්භක සබඳතාවය ලකුණු 8කට සීමා වුණේ පළමු පන්දුවාරයේ දී ම ධනුෂ්ක ගුණතිලකව ලකුණු 8කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීමත් සමගයි.එසේම මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා.

කෙසේ වෙතත්, සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන යාමට නායක භානුක රාජපක්ෂ අවශ්‍ය පසුබිම සකසා දුන්නේ මෙවර තරඟ වාරයේ පළමු අර්ධ ශතකය ද වාර්තා කරමින්. ඔහු පන්දු 31කින් ලකුණු 56ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ද සමගයි. සමිත් පටෙල් පන්දු 31කින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 18 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූනේ ලකුණූ 110ක් පමණයි. ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග ලකුණු 17කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11කටත් දැවී ගියා.

අවසන් ජාත්‍යන්තර 20යි 20 ඉනිම් කිහිපයේ දී ම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම ඉනිමේ දී ද එක් ලකුණකට දැවී ගියා. නායක තිසර පෙරේරා ලකුණු 11ක් හා සම්මු අශාන් ලකුණු 15ක් ලබා ගත්තා. වනිදු හසරංග ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වහබ් රියාස් ලකුණු 27යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් හෆීස් ලකුණු 11කට කඩුලු 2යි. සමිත් පටෙල් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලූ අතර, පුලින තරංග ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තා. තරඟයේ විරයා ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23