IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 2.30ට කොචිහිදී ආරම්භවන මෙවර වෙන්දේසියේ දී තරගාවලිය වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් දහයටම ඔවුන්ගේ සංචිත නැවත ගොඩනඟා ගැනීමට මෙහිදී සිදුවනවා.

මෙවර වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් දසදෙනෙකු නිදහස් කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සතුව මෙවර වෙන්දේසිය වෙනුවෙන් යෙදවීමට ඇති මුදල් සංචිතය පවතිනවා.

එය ඉන්දීය රුපියල් කෝටි 42.25ක් බවයි වාර්තා වන්නේ.

වෙන්දේසිය වෙනුවෙන් යෙදවීමට ඇති අඩුම සල්ලි මල්ල මෙවර සතුවන්නේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සතුව වන අතර, එය ඉන්දීය රුපියල් කෝටි 7.5ක්.

මෙවර වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 405 දෙනෙකු කෙටුම්පත්කර ඇති අතර, වෙන්දේසියේ දී මිලදී ගනු ලබන්නේ ඉන් උපරිම වශයෙන් ක්‍රීඩකයින් 87 දෙනෙකුට පමණක් බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා.

චාමික කරුණාරත්න, චරිත් අසලංක, දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිල්ෂාන් මධුසංක, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලහිරු කුමාර එම ක්‍රීඩකයින් දසදෙනායි.

මෙවර වෙන්දේසිය වෙනුවෙන් එක් එක් කණ්ඩායම් සතුව යෙදවීමට ඇති මුදල් ප්‍රමාණය පහතින්.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15