IMF හමුවේ ශ්‍රී ලංකාවට අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවනවා – හිටපු අගමැති

කඩිනමින් පක්ෂ අතර ජාතික එකඟතාවයක් ඇතිකර ගතයුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. තරුණ ගැටළු පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ අතර වෙළඳපොළ තුළ භාණ්ඩ 300කට සීමා පැනවීම හරහා IMF හමුවේදී ශ්‍රී ලංකාවට අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

“වෙළෙඳපොළේ ආර්ථිකයක් නම්, එක ලංකාව වෙන්න පුළුවන්, එංගලන්තේ වෙන්න පුළුවන් චීනයේ වෙන්න පුළුවන්, එහි මූලික කටයුත්ත තමයි භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ ඉල්ලීම අනුව ලබාදීම. වෙළෙඳපොළේ අඩුවක් වුනොත් ඒවා කොහොමද සපයන්නේ කියන එක ආණ්ඩුවේ වැඩ කටයුත්තක්. අපි 1977 ඉඳල පාලනය කරපු භාණ්ඩ සියල්ලම දැන් වෙළෙඳපොළට දාලා තියෙනවා. අපි වෙළෙඳපොළ ආර්ථිකයක ඉන්නේ. දැන් මොකක්ද කරලා තියෙන්නේ. ඒ නිදහස් වෙළෙඳපොළෙන් දැන් භාණ්ඩ 300 ගානක් ඉවත් කරලා. ඒ භාණ්ඩ 300 ඉවත් කළා කියලා විශාල සේවයක් මෙතනට සිදුවන්නේ නෑ. අපේ ප්‍රශ්නය තියෙන්නේ මුදල් වැඩිකරගන්න එක. මේ අය බලන්නේ ඇත්තවශයෙන්ම අපේ වෙළෙඳපොළ ආර්ථිකයේ ක්‍රියාත්මක මායිම් කෙටි කරන්න. අපි 1977 ට ඉස්සරවෙලා බැලුවෙත් මේ ඔක්කොම සීමා කරන්න. කොච්චර සීමා කරාද කිව්වොත් ඒ කාලේ ටයර් ගෙනාවේ නෑ. ඉතින් මගේ වාහනේට මට හම්බවුණා ටයර් දෙකක්. මගේ යාලුවෙක්ට මෝටර් බයිසිකලයක් තිබුනා එයාට එක ටයර් එකක් හම්බ වුනා. එහෙම කරන්න පුළුවන් ද. ඒක නෙමෙයි. අපිට තියෙන්නේ විදේශ විනිමය හොයාගන්න. මේ තියෙන කෑල්ල අරගෙන බෙදාගන්න එක නෙවෙයි. එක වුවමනා හැටියට අරගන්න ඕන. ඒක කරන්න තිබුනා IMF එකට ගියානම්. ගියේ නැති නිසා තමයි මේක සිදුවුනේ. දැන් IMF එකේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. මොකද අපි වෙළෙඳපොළ ආර්ථිකයේ භාණ්ඩ 300 ගානක් සීමා කරලා නිසා. “

“අපේ වෙළෙඳපොළටත් බංගලිදේශයේ වෙළෙඳපොළටත් විස්සයි විස්සේ ප්‍රශ්න ඇතිවුනා. ඒත් බංගලාදේශයේ සංචිතයක් තිබුනා. අපිට ඒක අඩුවුනා. අපිට තිබුනේ ඒ අවස්ථාවේදී විශේෂයෙන් ම IMF සංවිධානයෙන් ආධාර ඉල්ලගන්න. අපි ගියානම් 2021 වසරේ අපිට බිලියන දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ගන්න තිබුනා. අපි ඒක ගත්තේ නෑ. එහෙම රටවල් ගණනාවක් අපි වගේම ප්‍රශ්න ඇතිවුනාම ගිහින් මුදල් ලබාගත්තා. ඒත් ලංකාව කරේ නෑ. ඉතින් ලංකාව අන්තිමට කොන් වුණා. අපිට මුදලුත් නෑ, අපි ආධාර ලබාගත්තෙත් නෑ ඒකයි අපි අද මේ තත්ත්වේ ඉන්නේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. අපිට කියන්න බෑ කොවිඩ් නිසා කියලා. කොවිඩ් හැමතැනටම බලපෑවා. කොවිඩ් උඩ එල්ලෙන්න බැහැ. කොවිඩ් නිසා නෙමෙයි. කොවිඩ් නිසා නෙමෙයි නේ අපි පෝර ගේන එක නතර කළේ. පෝර ගේන එක නතරකළේ කොවිඩ් නිසා නෙමෙයි. ඒකට කවුද වගකියන්නේ. “

“අපි කෙටිකාලීනව හිතන්න හොඳ නෑ. අපි දීර්ඝකාලීනව හිතන්න ඕන. රටක් හදනවා කියන්නේ අවුරුද්දක් නෙමෙයි. දැන් 1977 අපි රට හදලා ඒකෙන් බුක්ති විඳලත් තියෙනවා. දැන් රට හදන්න ඕන තරුණ කණ්ඩායම්වලට. අලුත් පදනමක් දාන්න ඕන. මේ පරණ ක්‍රමයට හැමදාම මැදපෙරදිග ආදායම් තියෙන්නේ නෑ. මේ සංචාරකයන්ට ඩොලර් 70ට විකුනලා හරියන්නේ නෑ. ඇඟලුම් කර්මාන්තවලින් විතරක් අපිට ඉදිරියට යන්න බෑ. ඒත් අපි අනාගතය බලන්න ඕන. ඒ අනාගතයට හරියට විදියට ආර්ථිකය හදන්න ඕන. මේ වටේ තියෙන ආර්ථික එක්ක අපි එකතුවෙන්න ඕන. ඒ වැඩකටයුතු කරන්න වුවමනායි. ඒ ගැන හිතන්නේ නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. අපි එතනට යනවානම් ඒ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපත්ති ගැන ජාතික එකඟතාවයක් තියෙන්න ඕන. අපේ රටේ ජාතික එකඟතාවයක් නෑ. එක ආණ්ඩුවක් ආවහම අනික් ආණ්ඩුව කරන ඒවා වෙනස් කරනවා. අපි කරපුවා ඉදිරියට ගෙනිච්චා නම් අද මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ තත්ත්වෙකට වැටෙන්නේ නෑ. ඒක සිද්දවුණේ නෑ. පක්ෂ දැනගන්න ඕන ජාතික එකඟතාවයක් ඇතිකරලා අපි ඉදිරියට යන්න. නැත්නම් අපිට අනාගතයක් නැතිවෙනවා. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40