IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩු වේ

කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH)  ඇතුලත් කර ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය මාස කිහිපයට සාපේක්ෂව සියයට 50කින් පමණ අඩු වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා පවසයි.

ඔහු කියා සිටියේ පසුගිය සති කිහිපයේ අඛණ්ඩව රෝගීන් 200කට ආසන්න පිරිසක් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියද අද වනවිට එම රෝගීන් ගණන 100 දක්වා අඩුවී ඇති බවය.

එය කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩපිළිවෙලේ යහපත් ප්‍රවණතාවක් බවද වෛද්‍ය හසිත අත්නායක මහතා පෙන්වා දුන්හ.

අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකුද අයි ඩී එච් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?