ICC සදාතනික විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට තවත් තිදෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් විශිෂ්ඨයින් තිදෙනෙකු අයි.සී.සී.හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට (සදාතනික විශිෂ්ඨයින්) ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම ලැයිස්තුවට එක්කර ඇත්තේ පකිස්ථානයේ හිටපු ක්‍රීඩක අබ්දුල් කදීර්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල් සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චාලට් එඩ්වර්ඩ් යන තිදෙනායි.

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ විශිෂ්ඨ දක්ෂතා මත හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් එක්කරනු ලබනවා.

සචින් ටෙන්ඩුල්කාර්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ෂෝන් පොලොක්, රිකී පොන්ටින්, මුත්තයියා මුරලිදරන්, රාහුල ඩ්‍රාවිඩ් යන විශිෂ්ඨයින් මෙම හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් කිහිපදෙනෙක්.