ඩේවිඩ් මලාන්ගෙන් හැඩකාර ශතකයක්

එංගලන්තයේ ආරම්භක පිතිකරු ඩේවිඩ් මලාන් (Dawid Malan) විශිෂ්ට එක්දින ශතකයක් වාර්තා කිරීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට ඉන්දියාවේ ධර්මසාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි.

මෙම ශතකය Malan ගේ එක්දින ක්‍රිකට් දිවියේ සයවැනි ශතකය ද වන අතර, එය මෙවර ලෝක කුසලානයේ ඔහුගේ පළමු ශතකය ද වනවා.

Malan ට ශතකය ලබා ගැනීමට වැය වූ පන්දු ගණන 91ක්.

ඊට දැවැන්ත හතරේ පහර 12ක් සහ අහස උසට එසවුණු හයේ පහර 02ක් ද ඇතුළත් වුණා.

Malan අද ක්‍රීඩා කරන්නේ ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 23 වැනි තරගය යි.

මේ වනවිට බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමු ව පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 195ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ අද දිනයේ සිය එක්දින 100 වැනි තරගයට එක් වන ජොනී බෙයාර්ස්ටෝයි.

ඔහුගෙන් එංගලන්ත ලකුණු පුවරුවට හැඩකාර අර්ධ ශතකයක් එක් වුණා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් Malan සමග පිටියෙහි රැඳී සිටින්නේ රූට්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28